(ක)උරුමය

•June 5, 2010 • 1 Comment

විඳිමිද, විඳවමිද මා මෙය?

ආදරය, ජීවිතය හා දුක….

එකම නොවේදැයි?

කරුමයද මෙය උරුමයද?

ආදරය පිටවිය පෑල දොරින්,

දුක, කඳුල වෙලා ගති

මුළු ජීවිතයම….

දෙදෙනා විඳවයි,

නොසරුප් වදන් විය ආදර බස

වෛරය, පළිගැනීම විය ආදරය.

බොරුව විය විශාවාසය

වෙනස් විය සියල්ල…

ඉවසාගත නොහැකි නිසාවෙන්,

ගසා ගතිමි ඔලුව පොලොවේ

පුපුරන්නට වෙර ගනිමින්,

තවමත් නාඩි වැටෙයි,

උරුම කරුමයත් සමඟින්…..

මොකක්ද මේ ආදරය?

•June 4, 2010 • Leave a Comment

ඇත්තටම මොකක්ද මේ ආදරය? ලෝකයේ වැඩියෙන්ම කථාබහට ලක්වෙන මාතෘකාවලින් එකක් මේක. විවිධ නම් වලින් හැඳින්වුවත් කථාකරන්නේ එකම දේ ගැනයි‍. මෙතන මම කථාකරන්නේ කොල්ලෙකු හා කෙල්ලෙකු අතර ඇතිවන ප්‍රේමය ගැනයි.

මෙය හුදු ශාරීරික අවශ්‍ය්තාවයක්ද නැත්නම් මානසික හෝ ආත්මීක බැඳීමක්ද? එකිනෙකාට මෙය වෙනස්වන බව නොකිවයුතුයැයි මට හැඟේ.

ආදරය රාගයෙන් තොර විය යුතුයි සමහරුන්ගේ මතය. ඒ ඇයි? එය එහෙම විය යුතුමද? සිහළ නවකථාවේ ශ්‍රේෂ්ඨතම කෘතිය ලෙස සැලකෙන ‘විරාගය’ ඇති ආදරය විතරමද ආදරය? ‘බොඳ මීඳුම’හි ඇති බොළඳ ආදරය, ආදරය නොවේද? ‘Romeo & Juliet’ හා Shakespeare ගේ ආදරය විතරමද ආදරය?  ‘The Perfumed Garden’ හෝ ‘Kama Sutra’ හි ඇති ආදරය, ආදරය නොවෙත්ද?  මම මෙතන කෘතියන් සන්සන්දනයක් නොකරන බව කිවයුතුයි.

ආදරය ශාරීරිකද, ආත්මීකද? අපි ආදරය කරනවා කිව්වට ඇත්තටම ආදරය කරනවාද? පෙම්වතාට හෝ පෙම්වතියට එය දැනෙනවද?

‘Love is a Sacrifice’ කියල කියනවා. මේක ඇත්තද? මට හිතෙන විදිහට නම් මේක හරි. සමහරු ඔපයට ආදරය කරයි, තවත් සමහරු තවකෙකුට පේන්න ඊරිසියා කරවන්න ආදරය කරයි.

සමහරු ආදරය විඳින්නේ ශරීරයෙන්, සමහරු ආත්මීයව. සමහරු  මේක විඳවනවා. කොහොම නමුත් ආදරය මහ පුදුම දෙයක්. ඒ මොකද කියනවනම්, ආදරය අරුත් සුන් ජීවිතවලට අරුතක් ගේනව වගේම ජීවිත කාලකණ්ණි කරනවා.

ඔපයට කරන්න එපා….. කරන්න මුළු ශරීරයෙන්, ආත්මයෙන්ම ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට ආදරේ,  චකිතයක් තියාගන්න එපා ඒ ගැන නම්.

අමාරුයි,   නමුත් එහෙමකරන්න බැරි නම් ඔබ ඇත්තටම ආදරේද?

සිතන්න යමක්…..

ජීවිතය……

•May 31, 2010 • Leave a Comment

ජීවිතය ඉලක්කයක්ද අපි හඹායන?
අපි ඉලක්කයක්ද ජීවිතයේ දඩයම් වන?
අපි අපිම නොවන ජීවිතයක් තුල ඉලක්කය වන්නේ, අපිද අපේ ජීවිතද?

සිතන්න යමක්….

නම්..

•May 27, 2010 • Leave a Comment

කළු කෙහෙරැල්ලේ රැඳූනු තෙල් බිඳූව වෙන්නට තිබුණා නම්,

බබලවන්නට තිබුණා මට ඔබව……

දිගු දෙනෙතහි අඳුන් වෙන්නට තිබුණා නම්,

සිසිලස කරන්න තිබුණා මට ඔබව….

රාගික දෙතොලහි රැඳෙන දිය බිඳුව වෙන්නට තිබුණා නම්,

සිප ගන්නට තිබුණි ඔබව තිස් තුන් පැයේ….

සියුමැලි ගෙලෙහි වැදෙන මදනළ වෙන්නට තිබුණා නම්,

සුවඳින් මත් වන්නට තිබුණි ඔබගේ…

පිරිපුන් ළැමහි රූටන දා බිඳුව වෙන්නට තිබුණා නම්,

පහසින් උණුසුම් වන්නට තිබුණි ඔබගේ….

පුළුල් උකුලහි දැවටෙන රෙදිකඩ වන්නට තිබුණා නම්,

කිති කවන්නට තිබුණා ඔබව හැම වේලේ….

සුමුදු පයහි වදින වැලි කැටය වෙන්නට තිබුණා නම්,

නොරිද්දවන්න තිබුණා ඔය සුමුදු පයට….

නමුත්….

ප්‍රේමිය මා ඔබට පෙම් බඳින ආලවන්තයකු පමණි….

මාගේ ප්‍රියාවිය……

•December 10, 2009 • 1 Comment

ඇගේ සුවඳ මාගේ කාමරයෙන් නික්මී ගොස් නැති බව මට දැනේ. අපිලිවෙල වු මාගේ කාමරය පිලිවෙල කලේ ඇයයි, මාගේ ජීවිතය සේම. ඇය නික්මී ගියද, ඇගේ ස්පර්ශය, සුවඳ, ඒ සියුමැළි දෙතොල් මා ගෙල සිපගන්නා බව මට දැනේ. අපිලිවෙල වු ඇඳහි කෙස් රොදක් මා දුටුවෙමි. ඒ කෙස් රොද අතට ගත් මා සුවඳ බැලුවේ, ඇගේ සුවඳ මට සුවය දුන් බැවිනි. මා එය අතේ ගුලි කර ගත්තේ ඇගේ ස්පර්ශය දැනෙන්නයි. සියුමැළි දෑත් ගත පුරා දුවද්දී, ආදරය ඉල්ලන දෑස මට මැවී පෙනෙයි. ඒ දෑසේහි ගිලී කිමිදෙන්නට හැකි ප්‍රේමයෙන් මා කෙස් රොද පසුම්බියෙහි දැමුවෙහිය. ඈ මගේ ප්‍රාණ වායුවයි. ඈ මගේ ප්‍රියවියයි.

Love of my life

මායාව

•December 9, 2009 • 1 Comment

සිපගත්තෙමි කාමුක දෙතොල් ඔබගේ

ආදරයෙන්…..

කාලකන්නි විය ජීවිතයම මගෙ,

ඔබ ආදරය නොකල නිසා..

කලේ මායාවකි මට ඔබ

ආදරයෙන්…

පැසවා වැඩුනි වෛරය සිතහි මගෙ

ඔබ ආදරය නොකල නිසා…

වැටුනු විට නැගිට්ටුවෙමි මා

ආදරයෙන්….

තලා පෙලා මා වැට්ටුවාය ඔබ

ආදරය නොකල නිසා…

ලිව්වෙමි කවි පොතක් ඔබට මා

ආදරයෙන්..

ලියන්නෙමි කවි පන්ති තවත් මේ වගෙ

ඔබ ආදරය නොකල නිසා….

තවමත් වෛර නොකරමි ඔබට

මා ආදරය නිසා…..

සිපගත්තෙමි කාමුක දෙතොල් ඔබගේ

ආදරයෙන්…..

කාලකන්නි විය ජීවිතයම මගෙ,

ඔබ ආදරය නොකල නිසා..

කලේ මායාවකි මට ඔබ

ආදරයෙන්…

පැසවා වැඩුනි වෛරය සිතහි මගෙ

ඔබ ආදරය නොකල නිසා…

වැටුනු විට නැගිට්ටුවෙමි මා

ආදරයෙන්….

තලා පෙලා මා වැට්ටුවාය ඔබ

ආදරය නොකල නිසා…

ලිව්වෙමි කවි පොතක් ඔබට මා

ආදරයෙන්..

ලියන්නෙමි කවි පන්ති තවත් මේ වගෙ

ඔබ ආදරය නොකල නිසා….

තවමත් වෛර නොකරමි ඔබට

මා ආදරය නිසා…..

ප්‍රේමය හා කාමය……….

•December 9, 2009 • 2 Comments

අකුරකි වෙනසකි දෙකෙහිම,

එක නොවෙත්ද?

රාග නැති ප්‍රේමය සඳ එළිය වේද?

සඳ එළිය මනරමින් යුතු වුවද,

ප්‍රේමය රුදුරුයි, සොඳුරුයි…..

රාගය සැනසුමකි බුරන ගින්නට….

සැනසුම, ගින්න, සොඳුරු, රුදුරු, සඳ එළිය….

නොතේරෙන හරුපයකි මට….

කවියන් කෙසේ කීවත්,

කරන්නා කාලකන්නි වේ කවදා හෝ….

මා දනිමි එය,

මට වූ බැවිනි….

 
Follow

Get every new post delivered to your Inbox.